ජාතික හැඳුනුම්පත්
- පළමු වරට ජාතික හැඳුනුම්පත ලබා ගැනීම
- නැතිවූ ජාතික හැඳුනුම්පතක් සඳහා නව ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම
- ජාතික හැඳුනුම්පතක් සංශෝධනය කරගැනීම
- එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම
පළමු වරට ජාතික හැඳුනුම්පත ලබා ගැනීම
ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කිරීමට සපුරා ගත යුතු මූලික සුදුසුකම්
ශ්‍රී ලංකා පුරවැසියකු වන හා වයස අවුරුදු 15 ට එළඹ ඇති හෝ එළඹෙන සෑම තැනැත්තෙක්ම ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ යුතුය.
ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීම
| ඉල්ලුම්කරු | ඉල්ලුම්පත සහතික කිරීමේ නිලධාරියා |
| පාසල් ඉල්ලුම්කරුවන් | විදුහල්පති හෝ පරිවේණාධිපති |
| ඉහත මූලික සුදුසුකම් සම්පූර්ණ කළ ඉල්ලුම්කරුවන් | පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී (ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීම අනිවාර්ය වේ). |
| ඉහත මූලික සුදුසුකම් සම්පූර්ණ කළ වතු පදිංචිකරුවන් | වතු අධිකාරී |
ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම්කරන සෑම ඉල්ලුම්කරුවෙක්ම ඉහත සඳහන් පරිදි සහතික කිරීමේ නිලධාරීන් මගින් ඉල්ලුම්පත්‍රය යොමු කිරීම අනිවාර්ය වේ.
ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලේඛණ
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය (පු.ලි.දෙ./වි/1,7,8 ආකෘති පත්‍රය)
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛණයෙන් උපුටාගත් සටහන
- මාස 06ක කාලයක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරුපය
- ඉල්ලුම්පත් ගාස්තුව ගෙවූ බවට කුවිතාන්සිය
වැඩි විස්තර සඳහා - https://drp.gov.lk/en/normal.php
නැතිවූ ජාතික හැඳුනුම්පතක් සඳහා නව ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම
ජාතික හැඳුනුම්පත නැතිවූ පුද්ගලයකු විසින් ඒ පිළිබඳව වහාම ලඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කර, නැතිවූ ජාතික හැඳුනුම්පත වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොපමාව ඉල්ලුම් කළ යුතුය.
ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීම.
| ඉල්ලුම්කරු | ඉල්ලුම්පත සහතික කිරීමේ නිලධාරියා |
| ජාතික හැඳුනුම්පත නැතිවූ වතු පදිංචිකරුවෙක් නම් | වතු අධිකාරී |
| ජාතික හැඳුනුම්පත නැතිවූ වතු පදිංචිකරුවෙක් නොවන ඕනෑම ඉල්ලුම්කරුවෙක් නම් | ග්‍රාම නිලධාරී මගින් (ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීම අනිවාර්යය වේ) |
Iසෑම ඉල්ලුම්කරුවෙක්ම අදාල සහතික කිරීමේ නිලධාරී මගින් ඉල්ලුම්පත්‍රය යොමු කිරීම අනිවාර්ය වේ
ගාස්තු අය කිරීම
- නැතිවූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව - රු.1000.00
- සාමාන්‍ය සේවය යටතේ ලියාපදිංචි තැපෑලෙන් ජාතික හැඳුනුම්පත යොමු කිරීම සදහා ගාස්තුව - රු.120.00
ඉහත කී ගාස්තු, ඉල්ලුම්පත සහතික කරනු ලබන සහතික කිරීමේ නිලධාරීන් මගින් ගෙවිය හැකි වන අතර, දඩ මුදල් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සරප් වෙත ගෙවිය යුතුවේ.
ඉදිරිපත් කළ යුතු ලේඛන
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය (පු.ලි.දෙ./වි/1,7,8 ආකෘති පත්‍රය)
- පොලිස් පැමිණිල්ලේ මුල් පිටපත
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛණයෙන් උපුටාගත් සටහන
- මාස 06ක කාලයක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරුපය
- ඉල්ලුම්පත් ගාස්තුව ගෙවූ බවට කුවිතාන්සිය
වැඩි විස්තර සඳහා - https://drp.gov.lk/en/normal.php
ජාතික හැඳුනුම්පතක් සංශෝධනය කරගැනීම
ජාතික හැඳුනුම්පතක් සංශෝධනය කරගැනීම
ජාතික හැඳුනුම්පතක් පලුදු වී ඇති අවස්ථාවකදී හෝ එහි සඳහන් කරුණු මැකී ඇති අවස්ථාවකදී හෝ කියවිය නොහැකි අවස්ථාවකදී හෝ එහි සඳහන් කරුණු කියවිය නොහැකි බවට පත්වීමට ආසන්න වූ අවස්ථාවකදී හෝ ජාතික හැඳුනුම්පතේ තොරතුරු වෙනස් වී ඇති අවස්ථාවකදී හෝ ජාතික හැඳුනුම්පතේ වැරදි තොරතුරු ඇතුළත්ව ඇති බවට අවබෝධ වූ අවස්ථාවකදී වහාම ජාතික හැඳුනුම්පත සංශෝධනය කිරීම සඳහා ඉල්ලුම් කළ යුතුය.
ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීම
| ඉල්ලුම්කරු | ඉල්ලුම්පත සහතික කිරීමේ නිලධාරියා |
| ජාතික හැඳුනුම්පත සංශෝධනය කළ යුතු වතු පදිංචිකරුවෙක් නම් | වතු අධිකාරී |
| ජාතික හැඳුනුම්පත සංශෝධනය කළ යුතු වතු පදිංචිකරුවෙක් නොවන ඕනෑම ඉල්ලුම්කරුවෙක් නම් | පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී (ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීම අනිවාර්යය වේ) |
සෑම ඉල්ලුම්කරුවෙක්ම අදාල සහතික කිරීමේ නිලධාරී මගින් ඉල්ලුම්පත්‍රය යොමු කිරීම අනිවාර්ය වේ.
ගාස්තු අය කිරීම
- සංශෝධිත ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව - රු.500.00
- සාමාන්‍ය සේවය යටතේ ලියාපදිංචි තැපෑලෙන් ජාතික හැඳුනුම්පත යොමු කිරීම සදහා ගාස්තුව.- රු.120.00
ඉහත කී ගාස්තු ඉල්ලුම්පත සහතික කරනු ලබන සහතික කිරීමේ නිලධාරීන් මගින් ගෙවිය හැකිවේ
ඉදිරිපත් කළ යුතු ලේඛන
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය (පු.ලි.දෙ./වි/1,7,8 ආකෘති පත්‍රය)
- අවසන් වරට භාවිතා කළ ජාතික හැඳුනුම්පත
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛණයෙන් උපුටාගත් සටහන
- මාස 06ක් ඇතුළත ලබාගත්
- ඉල්ලුම්පත් ගාස්තුව ගෙවූ බවට කුවිතාන්සිය
වැඩි විස්තර සඳහා - https://drp.gov.lk/si/normal.php
එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම
එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම
ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම එක්දින සේවය යටතේ සිදුකෙරේ.
එක්දින සේවාව පුද්ගලයන් ලියාදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ හා ගාල්ල පළාත් කාර්යාලයේ ක්‍රියාත්මක වේ. පෙ.ව.7.30 සිට 12.30 දක්වා කාලය තුල ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ඉල්ලුම්කරුවන් 9 වන මහලේ D පර්යන්තය වෙත පැමිණීමෙන් මෙම සේවාව ලබාගත හැකිවේ.
ගාස්තු / දඩ මුදල් අය කිරීම
- එක්දින සේවා ගාස්තුව රු.2000/-එක්දින සේවා ගාස්තුව රු.2000/-
- මුල්වරට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රු.200/-
- සංශෝධිත ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම රු.500/-
- නැතිවූ ජාතික හැඳුනුම්පතක් සඳහා නව ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම රු.1000/-
- වයස අවුරුදු 15 ට එළඹෙන දින සිට වසරක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කරුවෙක් සඳහා දඩ මුදල රු.2500/-
- පුරවැසිභාවය පිළිබඳ පනතේ 19(2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසි සහතිකය නිකුත්කළ දින සිට මාස 06ක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා නොගත් ඉල්ලුම්කරුවෙක් සඳහා දඩ මුදල රු.2500/-
ඉහත කී ගාස්තු හා දඩ මුදල් එක් දින සේවයේ සරප් වෙත ගෙවිය යුතුය.
විදේශ ගමන් බලපත්‍ර
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම
සාමාන්‍ය ගමන් බලපත්‍ර
සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද?
- වත්මන් ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (විස්තර සඳහා මෙහි පහත බලන්න*)
- ඡයාරූප ශාලා ලදු පත
- ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.
- ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.
අවශ්‍ය වන්නේ නම්, විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)
වෘත්තියට අදාල අධ්‍යාපන සහතිකය හා සේවය සනාථ කිරීමේ පිළිගතහැකි ලියවිල්ලක් සහ ඒවායේ ඡායා පිටපත්. (අධ්‍යාපන හා වෘත්තීය)
භික්ෂුන් වහන්සේලා සඳහා:
භික්ෂු සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය ඡායාස්ථිති පිටපත් සමඟ ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.
*දැනටමත් ඔබ සතුව වලංගු ගමන් බලපත්‍රයක් ඇත්නම් එය ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය..
ඉල්ලුම් පත්‍රයක් ලබාගතහැක්කේ කෙසේද ??
- කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
- මහනුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින්
- ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
- විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයකින්
- අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් මෙතනින් බාගත කර ගැනීම මඟින්.
ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කුමන ස්ථානයකටද?
- කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
- මහනුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලට
- විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට
සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය සකසා භාරදීමට කොපමණ කල් ගතවේද ?
- සාමාන්‍ය පදනම - වැඩකරන දින 30 ක්
- හදිසි පදනම - එදිනම
සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍ර ගාස්තුව කවරේද ?
- සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 10,000.00
- හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 20,000.0
ආදායම් සහතික
අවශ්‍ය ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය
- ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත සම්පූර්ණ කරන ලද අයදුම්පත
- ආදායම් සනාථ කිරීමට අදාළ ලියකියවිලි
තක්සේරු වාර්තා
- ඉල්ලීම් ලිපිය
- ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව සම්පූර්ණ කරන ලද අයදුම්පත.
- වටිනාකම් සහතිකය අයදුම් කරන නිශ්චල දේපල ඔප්පුවේ සහතික කළ පිටපත.
- වටිනාකම් සහතිකය සඳහා අයදුම් කරන දිනට මාසයකට පෙර අදාළ ඔප්පුවේ පත්‍රිකාව.
















