ප්‍රසම්පාදනය

  • දැක්ම : කාර්යක්ෂමතාවයෙන් යුත් විධිමත් ප්‍රදම්පාදන ක්‍රියාවලියක් තුළින් කොට්ඨාසයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම.
  • මෙහෙවර : උපරිම ආර්ථික වාසි සැලසෙන ආකාරයට විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට අනුකූල ප්‍රසම්පාදන කටයුතු තුළින් කොට්ඨාසයේ ජනතාවට උපරිම වාසි අත්කර දීම.

 අරමුණු :

  • කඩිනමින් වැඩ ඉටුකිරීම හා භාණ්ඩ සේවා සැපයීම
  • ප්‍රසම්පාදන කටයුතුවල විනිවිදභාවය හා නිර්වද්‍යතාවය සහතික වීම
  • නියමිත ප්‍රමිතීන්ට, පිරිවිතර වලට, රීති වලට හා රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම
  • සම්පත් නාස්තිය අවම කිරීම

කාර්යයන්

  • ප්‍රසම්පාදන කමිටු පිහිටු වීම
    • ප්‍රසම්පාදනය සම්බන්ධ නිලධාරියෙක් පත් කිරීම හා රාජකාරි පැවරීම
    • ප්‍රසම්පාදන මණ්ඩලය සඳහා සාමාජියන් නිර්දේශ කර දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කිරීම
    • දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම
  • අදාල කාල පරිච්ජේදය සඳහා අවශ්‍ය භාණ්ඩ, සේවා හා ඉටු කළ යුතු ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම හා ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම
  • ප්‍රසම්පාදන අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන ඉල්ලුම් කිරීම
  • සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
  • ප්‍රසම්පාදන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම

ප්‍රසම්පාදන ක්‍රියාවලිය

  • ඉල්ලීම් ලද පසු ප්‍රසම්පාදන ලියවිලි සකස් කර ලියාපදිංචි වී ඇති ආයතන 3ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් මිල ගණන් කැඳවීම
  • ටෙන්ඩර් මණ්ඩලය හා‍ අදාල ආයතන වල නියෝජිතයන් ඉදිරිපිට කවර විවෘත කිරීම
  • මිල ගණන් ඇගයීම
  • සුදුසු ආයතනයෙන් එම භාණ්ඩ මිලදී ගැනීමට තීරණය කිරීමෙන් පසු එය ප්‍රසම්පාදන කමිටු වාර්තා පොතේ සටහන් කිරීම
  • භාණ්ඩ ඇනවුම් කිරීම හා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
  • මිලදී ගත් උපකරණ බෙදා දීම හා පසු විපරම
  • කොන්ත්‍රාත් අධීක්ෂණය හා පසු විපරම
  • ගෙවීම් කිරීම (සැපයුම්කරුවන්ට හා කොන්ත්‍රාත්කරුවන්ට)

ප්‍රසම්පාදන අවශ්‍යතා

  • කාර්යාලීය උපකරණ
  • ව්‍යාපෘති උපකරණ
  • ඉදිකිරීම් / කොන්ත්‍රාත්

විශ්‍රාම වැටුප් නිලධාරී - හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

එන්.එච්.එම්.සී.නවරත්න මිය

+94 715 509 896

 

2026 වර්ෂයේ විශ්‍රාම වැටප් ගෙවනු ලබන දිනයන්

මාසය  දිනය
ජනවාරි  9 - සිකුරාදා
පෙබරවාරි  10 - අඟහරුවාදා
මාර්තු  10 - අඟහරුවාදා
අප්‍රේල්  9 - බ්‍රහස්පතින්දා
මැයි  8 - සිකුරාදා
ජුනි  10 - බදාදා
ජුලි  10 - බදාදා
අගෝස්තු  10 - සඳුදා
සැප්තැම්බර්  10 - බ්‍රහස්පතින්දා
ඔක්තෝබර්  7 - බදාදා
නොවැම්බර්  10 - අඟහරුවාදා
දෙසැම්බර්  10 - බ්‍රහස්පතින්දා

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඔ 10.

දුරකථන : +94 112 320 049

ෆැක්ස් : +94 112 320 049

ඊමේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

වැඩි විස්තර සඳහා : https://www.pensions.gov.lk/index.php/en/

News & Events

Scroll To Top